අපේ කාලයේ දුයිෂේන්
1945 මැයි 14 වන දින උපත ලැබූ ෂෙල්ටන් පයාගල නම් අපූරැ සෞන්දර්යවාදියා විසිරැණු පැතිරැණු කලා හැකියාවන්ගෙන් යුක්ත වූ අදීන චරිතයක් විය. මාක්ස්වාදයෙන් පන්නරය ලබා මුවහත් කරගත් දැනුම ඔහු කවියකු , විචාරකයකු , මූර්ති ශිල්පියෙකු , සිත්තරෙකු මෙන්ම සිනමාකරැවෙකු ලෙස ලොවට බෙදා දුන්නේය. භෞතිකවාදය ඔහු පිළිගත් එකම දහමයි. .
සිනමා කරැවෙකු ලෙස ඉදිරියට යාමට ප්‍රාග්ධනය හරස් වෙද්දී ඔහු තෝරා ගත්තේ සුවහසක් සිසු සිසුවියන් වෙත දැනුම බෙදා දීමේ මාර්ගයයි. සිනමාව මෙන්ම සෙසු සෑම කලා මාධ්‍යයක්ම භාවිතා කරමින් අනාගත ලෝකය වෙනස් කිරීමට අවැසි දැනුමෙන් සන්නද්ධ සිසු පරපුරක් බිහි කිරීම ඔහුගේ සිහිනය විය. මේ සමාජ කමය අනිවාර්යයෙන් වෙනස් විය යුතු බව පිළිගත් මේ අපූරැ ගුරැවරයා පන්ති අරගලය පිළිබදව දැඩිව විශ්වාස කළේය. ඒ වෙනුවෙන් තම පෞද්ගලික ජීවිතය, ප්‍රේමය පවා පරිත්‍යාග කළ බව කියැවේ. එහෙත් තම ජීවිතයේ අහිමි වූ දෑ ගැන කිසිදින නොසැලිනි.
71 අරගලයට සක්‍රියවම දායක වූ මේ අරගල කරැවාගේ ජීවිතය හා ඔහු පිළිගත් දර්ශනය යනු දෙකක් නොව එකක්ම බව ෂෙල්ටන් පයාගල චරිතය අධ්‍යනය කරන්නෙකුට පසක් වනු ඇත. 2007 නොවැම්බර් මස තරැණ නව රැල්ල ආරම්භ කිරීමේදී පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ මෙම කලාකරැවානන් වෙනුවෙන් අපගේ උත්තමාචාරය මෙසේ පුද කරන්නෙමු.